Tuesday, December 20, 2011

සුරඟන කතා: සතුටු කුමරු සහ ගිනි නැති මකරා- 3

සුරංගනා කතාව පටන් ගත්ත හැටි.......

කලින් පෝස්ටුවෙ අපි නතර වුනේ රජතුමාත් බිසවත් මිස්ප්‍රොප් සුරංගනාව හම්බවෙන්න ගියා කියන තැනින්. අද එතැන් සිට..

සුරංගනාවන්ට පිළිවෙලකට කතා කරේ නැත්නම් තරහා යන නිසා බිසව හරිම යටහත්පහත්ව සුරංගනාවගෙන් ඇහුවා වැරදිලා තියෙන්නෙ මොකද්ද කියලා. මේහෙම ඇහුව එකට ලැජ්ජාවට පත්වෙනු සුරංගනාව මෙහෙම කිව්වා.
“මම හිතන්නෙ මම මැජික් යෂ්ටිය වැරදි පැත්තෙන් අල්ලගෙන වෙන්නෝනැ මතුරලා තියෙන්නෙ..“
“එහෙනම් දැන් හරිපැත්ත පාවිච්චි කරල ආයෙත් උත්සාහ කලොත් මේක හරියයි නේද“ කියල හිමින් සීරුවෙ ඇහුවෙ බිසව. 
“මමත් හරිම කැමතියි..“ මිස්ප්‍රොප් කිව්වා.
“ඒත් හොඳ හිතින් කරපු ස්පෙල් එකක් කඩන එක සුරංගනා නීතිවලට පටහැනිනෙ“
“ඒත් ඔබතුමී එහෙම නොකරොත් අපි අමාරුවෙ වැටෙනවනෙ.“ බිසව කිව්වෙ හිතේ අමාරුවෙන්.
“මම එහෙම කලොත් සුරංගනා සභාවෙන් මාව නෙරපලා දාවි.“ මිස්ප්‍රොප් කිව්වෙ සැරෙන්. ඒකට උත්තරයක් කා ගාවවත් තිබුනෙ නෑ. 

කාලය එක්ක ප්‍රශ්නෙ තවත් වැඩිවුනා මිසක් අඩුවුනේ නෑ. සතුටු කුමාරයාට අවුරුදු දහතුනක් වෙද්දි එයාට නැටුම් ඉගෙන ගන්න රාජකීය නැටුම් ගුරුවරයා ගාවට යැව්වා. මොකද රාජකීය සාද වලට සහභාගිවෙන එක කුමාරයන්ට අයිති ප්‍රධාන රාජකාරියක් නිසා. රාජකීය සාදවලදී කුමාරයා කාන්තාවන් එක්ක නිවැරදිව ආලිංගන නැටුම් ඉදිරිපත් කල යුතුවෙනවා. 
    නැටුම් පන්තිය නම් සම්පූර්ණනේම අසාර්ථකයි. දකුණු කකුල ඉස්සරහට තියන්න කිව්වම කුමාරය තියන්නෙ වම. වමට දකුණ. නැටුම අතරතුර ඔළුව නමන්න ඕනි වෙලාවට එයාගෙ සහකාරයගෙ ඔළුවෙ හප්පගන්නවා. කැරකෙන්න වෙලාවෙදි අනිවාර්යෙන්ම කාගෙ හරි හැප්පෙනවා. තාලය අන්තිමයි.  නැටුම් ගුරුවරු කුමාරයාට තියන බය නිසායි ගෞරවය නිසයි එයා හරිම ලස්සනට නටනවා කියලා කිව්වත් ඇත්තටම කුමාරයා නැටුවෙ වෙරිවෙලා වගේ.

කඩු හරඹ වලදි අත් හසුරුවන්න ගිහාම ඊටත් එහා අමාරුවුනා. කුමාරයට උදව් කරන්න හිටිය දක්ෂම කඩු කාරයටත් කොච්චර උත්සාහ කලත් කුමාරයට කඩුපාර වද්දන්නැතිව පුරුදු කරන්න බැරිවුනා. අත්පොර පිටියෙදි ප්‍රතිවාදියා වට්ටන්න කලින් කුමාරයා සපත්තු ලේස් එකේ හරි පැටලිලා වැටෙනවා. මෙහෙම අවුරුදු ගානක් උත්සාහ කලත් කුමාරයට උගන්නන්න කාටවත් බැරිවුනා.
මේ ගැන මාකස් රජතුමා හිටියෙ හරිම කනස්සල්ලෙන්.
“අනේ බලන්නකො..“රජතුමා බිසවට මෙහෙම කිව්වා. 
“අපේ කුමාරයට හෙටට වයස විස්සයි. එත් ඒක සමරන්න උත්සවයක් ගන්න බෑ කුමාරයට නටන්න බැරි නිසා. තරඟයක් තියන්න බෑ කුමාරයට කඩු සටන් අත්පොර බැරිනිසා. මට පෙරහැරක් තියන්නත් බයයි එයා අතරමග වැටෙයි කියලා. “
“ඒත් එයාට සමහරවිට අශ්වයෙකගෙ පිටේ යන්න පුළුවන් වේවි.“ බිසව කිව්වෙ එච්චර විශ්වාසයක් නැතිව.
“ඔයා එයා අශ්වයා පිටින් යනවා දැකලා තියනවා නම් ඔහොම කියන්නෑ.“
“මම දැකලා තියනවා.“ බිසව කිව්වෙ සුසුම් ලමින්.
“අශ්වයාගෙ ගමනට ගැලපෙන්න ඇඟ හසුරුවන්න එයාට තේරුමක් නෑ. අපි මොකද කරන්නෙ? “බිසව ඇහුවා.
“ඔයා මේ මොනවද කියන්නෙ ඒක තමයි සිරිත. සාමාන්‍යයෙන් රජවරුන්ට කුමාරයො දෙතුන්දෙනෙක්වත් ඉන්නවා. එයාලා පිටත් කරලා යවන්නෙ එක එක්කෙනා. අපිට මෙයාව එක සැරේ යවන්න වෙලා තියෙන්නෙ ඔයා ආයෙ ළමයි හදන්න බෑ කිව්ව නිසා..!!“
දෙන්නා දෙමාල්ලො රණ්ඩු කරන්න පටන් ගත්තා. රණ්ඩුවකදි අනිවාර්යෙන් සිද්දවෙනවා වගේ මේ වෙලාවෙදි බිසව අඬන්න පටන් ගත්තා.
“එහෙම කියන්න එපා. ඔයාට කරන්න වුනානම් ඔයා ඔහොම කියන එකක් නෑ. මමත් ආසයි දරුවෙකුට ඔයා හිතනවා නම් ඒක සෙල්ලමක් කියලා මම කැමතියි ඕනි මිනිහෙක්..“
“අඬන්න එපා.“ රජතුමා මැදට පැනලා කිව්වා.
“මම එච්චර හිතන්නැතිව කිව්වෙ. ඒත් අපිට කුමාරයා පිටත් කරන්නම වෙනවා. ඒක තමයි සිරිත.“
“ඒත් එයාට අමාරුවෙයි. ඒක එයාගෙ වැරුද්ද නෙවෙයි. අර සවුත්තු මිස්ප්‍රොප්..“
“කට වහගන්න.“ රජතුමා බයෙන් කෑගැහුවා. 

ඊළඟට මොකද වුනේ? ඔයාලා හිතන්නෙ කුමාරයා වාසනාව හොයන්න  පිටත්වෙයිද? බිසව එයාට යන්න දෙයිද? අපි ඊළඟ කොටසින් බලමු.

* මෙම සුරඟන කථාව පරිවර්තනයක් පමණි.ලෝ ප්‍රසිද්ධ මුල් රචකයා පිළබඳ මෙම කථාව අවසන පලවනු ඇත. ඔබට අනුමාන කල හැකි නම් පහත කොමෙන්ටුවක සටහන් කරන්න‍.

7 comments:

  1. එපාර 'සවුත්තු මිස්ප්‍රොප්' කියල තව එකක් කොර ගනියිද දන්නෑ බිසව.... හනේ කටවහගෙන ඉන්න බැරි හැටි..... :D

    ReplyDelete
  2. අනිවාර්යෙන්ම මිස්ප්‍රොප්ට බැනලා වැඩ වරද්ද ගනියි වගේ. මේකේ ඊලඟ කොටස ලියමින් පවතිනවා නම් ඉක්මනටම පබ්ලිශ් කරන්න අක්කේ. කතාව ලස්සනයි.

    ReplyDelete
  3. අද තමයි මුලින්ම මේ කතාව කියවන්න ආවේ. අර සුරංගනාවිට කියන්න තියෙන්නේ "කරතොත් කරපන් හරියට, නැත්නම් පලයන් අහකට" කියලා තමා :))

    ReplyDelete
  4. කියෙවුවා.. මම මේ තාම කල්පනා කරන්නේ රචකයා ගැන..

    ReplyDelete
  5. //දකුණු කකුල ඉස්සරහට තියන්න කිව්වම කුමාරය තියන්නෙ වම. වමට දකුණ. නැටුම අතරතුර ඔළුව නමන්න ඕනි වෙලාවට එයාගෙ සහකාරයගෙ ඔළුවෙ හප්පගන්නවා. කැරකෙන්න වෙලාවෙදි අනිවාර්යෙන්ම කාගෙ හරි හැප්පෙනවා. //

    මෙහෙම අය තාමත් ඉන්නවා...:D:D

    ලස්සන කතාව....

    ReplyDelete
  6. හිහි කුමාරයට වැටෙන දසාව..

    ReplyDelete
  7. @මියුරු,මධුරංග
    බිසව කට පියාන හිටියනම් හොඳයි තමා..ඒත් හානියක් නෑ..ඊළඟ කොටස බලන්නකෝ..

    @හසිත,
    ඔයා හරියටම කිව්වා..ඒත් සමහරවෙලාවට ඔයවගේ මිස්වෙන ඒවයින් ලස්සන කතා හැදෙනවා..

    @දිනේශ්,
    ඹයා දන්න කියන කෙනෙක් වෙන්නත් ඇති..අපි බලමු..

    @පොඩිකුමාරිහාමි,
    හික්ස්..ඹයා ඔය කියන්නෙ ගෙඹිකුමාරයා ගැන නෙවෙයිනේ..

    @වර්ණා,
    හරියට හරි..හික්ස්

    ReplyDelete