Sunday, October 30, 2011

මේ නියමයන් පරීක්ෂා කර බලා තිබේද..?

මේකත් මම උපුටා ගත්තෙ මට ආපු ඊයකින්...


http://liftright.net/dirtyhands.jpg
1. ලොරන්ස්ගේ යාන්ත්‍රික පිළියම් නියමය
සෑම යාන්ත්‍රික දෝෂයක් පිළියම් කිරීමේදී අත් ග්‍රීස් වලින් වැසුනු විට නාසය කැසීමට පටන් ගනී.




------------------------------------------------------------------------------------------------------


http://us.cdn3.123rf.com
2. ඇන්තනිගේ කම්මල් නියමය
ආයුධයක් බිම වැටුනු විට අත දැමීමට අපහසුම කොන වෙත පෙරළී යයි.











------------------------------------------------------------------------------------------------------
http://pinknpurplelizard.com/blog/wp-content/uploads/
3. කොවෑක්ගේ න්‍යාය
වැරදි නම්බරයක් ඇමතීමේදී කාර්යබහුල නාදය කිසිවිටෙක නොඇසෙයි.






------------------------------------------------------------------------------------------------------
http://www.beadelltours.com.au/images1/flat_tyre.jpg
4. කැනන්ගේ කර්මවාදය
අද වැඩට වාර්තාකිරීමට පමාවූ හේතුව ලෙස වාහනයේ ටයරයේ හුළං යෑම යැයි කරණු ඉදිරිපත් කළහොත් පසුදින සත්‍යවශයෙන්ම වාහනයේ ටයරයේ සුළං යනු ඇත.




------------------------------------------------------------------------------------------------------


5. ඕ බ්‍රයන්ගේ විචලන නියමය
ඔබ සිටිනා පෝළිම මාරුකලහොත් ඔබ සිටි පෝළිම දැන් සිටිනා පෝළිමට වඩා වේගයෙන් ඉදිරියට යයි.




------------------------------------------------------------------------------------------------------


http://solodialogue.files.wordpress.com
6. බෙල්ගේ නියමය
ඔබ නානකාමරයේ සිටින විට දුරකථනය නාදවීමේ සම්භාවිතාව ඉහල යයි.






------------------------------------------------------------------------------------------------------
http://www.cartoonstock.com/lowres/amc0684l.jpg
7. රූබිගේ සමාසද සිද්ධාන්තය
ඔබ දන්නා කිසිවකු මුණ ගැසීමේ සම්භාවිතාව ඔබ කවුරුත් නොදකීවායි පතන අවස්ථාවකදී ඉහල යයි.






------------------------------------------------------------------------------------------------------


http://austincomputerrepairx.com/wp-content/uploads
8. විලොබීගේ නියමය
ඔබ මැසිම වැඩ කරන්නේ නැති බව ඔප්පු කිරීමට තැත් කිරීමේදී එය වැඩ කරයි.






------------------------------------------------------------------------------------------------------


http://pigjockey.com/wp-content/uploads/2010/03/
9. සැඩ්‍රාගේ ජීවමිති නියමය
කැසීමේ සැරබව අදාල ස්ථානයට  අත පෙවීමට ඇති දුරට සමානුපාතික වේ.




------------------------------------------------------------------------------------------------------


http://thedevilspitchfork.files.wordpress.com/2011/04/seat-2.jpg
10. බ්‍රෙඩාගේ නීතිය
සෑම අවස්ථාවකදීම බිත්තියට ළඟ අසුන් ගැනීමට නියමිත අය පැමිණෙන්නේ අවසානයටය.






------------------------------------------------------------------------------------------------------


11. ඕවන්ගේ නියමය
http://static4.depositphotos.com
උනුසුම් කෝපි/තේ  කෝප්පයක් රසවිදීමට සැරසෙද්දී එය නිවෙනතුරු කිරීමට ලොක්කා වැඩක් පවරනු ඇත.






------------------------------------------------------------------------------------------------------
http://3.bp.blogspot.com/

12. වූලිගේ නියමය
ඔබ බොහෝ රෑ වන තුරු වැඩ කරන කිසිම දවසක ලොක්කා නොසිටින නමුත් ඔබ අන්තර්ජාලයේ සැරිසරන විට ඔහු අනිවාර්යෙයන්ම ළඟ සිටියි.



------------------------------------------------------------------------------------------------------

Friday, October 21, 2011

පුස් තකා 2: ටොමියා කෑගලු යෑම

මේ පොස්ටුවත් මම කියවපු පොතකින් ගත්ත ලස්සන උපුටා ගැනීමක්.


මේ පොත ලියලා තියෙන්නෙ මහාචාර්ය මිණිවන් පී තිලකරත්න මහතා.පොතේ නම “පමා නොවී එමි අකුරට මෙයින් මතූ“. ඇස් ගොඩගේ ප්‍රකාශකයෝ 1996 දි පළකරපු මේ පොතේ 4 වෙනි පරිච්ජේදයේ 47,57 පිටු වලින් තමා මේක  උපුටා ගත්තෙ.

"අන්න පේනවද ටෙමියා නම් පුතා වාගේ වතුර වක්කරන කොට දඟලන්නැතිව හරි අගේට ඉන්නවා යැයි අම්මා කියනවිට සරණපාලට දැනෙන්නේ තම දෙකනෙහි උල් දෙකක් අනින්නා වාගේය.
අද කෑගලු යන්ට ඕනෑ කියා ටොමියා නම් කලබලයක් කරමින් දැඟලුවේ නැත. එවැනි දැඟලිල්ලක් කලේ සරණපාලය. සරණපාල යන එක හොඳයි කියා කීමට කවුරුත් ආවේ නැති එක ගැන ඔහුගේ සිතේ තවමත් ලොකු කේන්තියක් ඇත. වෙන එකක් තියා සිදුවෙමින් පැවති අරගලය දිහා ටොමියාත් බලාලෙන් සිටියේ කොලොප්පම් තාලයකට මෙනි.
“අන්න පේනව නේද ටොමියා නම් පුතා වාගෙ කෑගලු යන්ඩ ඕනෑ කියල දඟලන්නැතිව කරබාගෙන ඉන්නව“
 කියා අම්මා උදේ නොකිව්ව එක ගැන සරණපාලට පුදුම හිතෙයි.
හෝන් එක පමණක් නොව මුළු බස් එකම සාදන ලද්දේ එය එලවන ඩ්රයිවර් විසින් විය යුතුය යන කල්පනා ලාංජනයක් වරින්වර සරණපාලගේ සිතට පිවිසෙයි. ඩ්ර්යිවර් වෙත ආඩම්බරයක් ඇත්තේ අර ලොකු වැඩක් කරන්නට ඔහුට පුළුවන් වූ නිසා විය යුතුය.
ඩ්රයිවර් සමඟ කවුරුත් කතාකලේ ගෞරවයෙන් මෙනි. ඔහු කියන කියන දෙයට හූ මිටි තියන්නට කෙනෙක් ඔහු ළඟින්ම හිටගෙන  සිටියේය. ඒ තැනැත්තාට කවුරුත් කතාකලේ කොන්දොස්තර මහත්තයා යන නමිනි. බස් එකේ යන එන ළමයින්ට අසනීපයක් සෑදුනොත් බෙහෙත් දෙන්නේ ඔහු විය යුතුයැයි සරණපාලට සිතෙයි."

Friday, October 14, 2011

Techno 2011| තාක්ෂණික හා ඉංජිනේරු ප්‍රදර්ශනය

ඔන්න මේ සැරෙත් Techno 2011 තිබිලත් ඉවර වුනා. හැමදාම වගේ අපිත් ප්‍රදර්ශන කුටියක් දැම්මා. මේ සැරේ අපේ බොස් හිටියේ නැති නිසා දවස් 3ම අදින්න වුනේ මට. හැමදාම රෑ 9ට විතර ගෙදර එද්දි කකුල් දෙකට හොඳ ගණන්.  අපරාදෙ කියන්න බෑ මේ ළමයා ඉන්න නිසා අනික් අය පාඩුවේ ප්‍රදර්ශනය පුරා ඇවිද ඇවිද සිත්සේ සතුටු වෙවී හිටියා. ඉවසල ඉවසල බැරිම තැන දෙතුන් දෙනෙක් අල්ලලා අපේ කුටියට තියලා බැදලා මම ගියා අනෙක් කුටි බලන්න.


වැදගත් කියලා දැනෙන ඔක්කොම බලන්න බැරිවුනත් පොඩි කතා ටිකක් හම්බ වුනා ඔයාලත් එක්ක බෙදාගන්න.


මේ තියෙන්නෙ ජාතික ජල සම්පාදන මණ්ඩලයේ ප්‍රදර්ශන කුටියේ තිබූ පොඩි ගැජට් එකක්.මේකෙන් කරන්නෙ ජල නල වල තියන කාන්දු හොයන එක. වැඩිපුරම සද්දෙ ඇහෙන තැන හොයලා වතුර කාන්දුවෙන තැන හරියටම හොයා ගන්න තමයි මේක හොයාගන්නෙ. අපේ ගෙවල්වලත් වතුර කාන්දුවක් තියනවානම් මණ්ඩලේට පොඩි ගානක් ගෙවලා මේ උපකරණය ගෙන්නගෙන හරියටම තැන හොයාගන්න පුළුවන්. මේ තියෙන්නෙ ඒක පාවිච්චි කරන විදිහ පෙන්නන එකක්.


----------------------------------------------------------------------------------------------------------------------------------
ඔයාලත් කැමතිද ගෙදරදිම පොල්තෙල් හදාගන්න. මේ ගැජට් එක තිබුනෙ ජාතික ඉංජිනේරු හා පර්යේෂණ ආයතනයේ (NERD) ප්‍රදර්ශන කුටියේ. මේක පාවිච්චි කරන්නෙ මෙහෙමයි.


-------------------------------------------------------------------------------------------------------------------------------------
මේ තියෙන්නෙ කැළණිය කැම්පස් එකේ කස්ටිය හදපු ඉලෙක්ට්‍රොනික ආර්ද්‍රතාමානයක්. තේ කර්මාන්තශාලාවලට යෝජනා කරපු මේ නිර්මාණය පරිගණකය සමඟ සන්නිවේදනය කරන්නත් සමත්.


----------------------------------------------------------------------------------------------------------




මේ තියෙන්නෙත් අපූරු නිර්මාණයක්. මේ දවස්වල ක්ෂේත්‍රයේ වැඩිපුර කථා කරන බලශක්තිය ඉතිරි කරන්න හදපු එකක්. මේවා වහලේ හයිකරලා ස්වාභාවික හිරුඑළිය සේවාස්ථානය ඇතුළට ගෙන්න ගන්න පුළුවන්. (වෙළඳ කුටියකින් ගත්ත නිසා මම කුටියේ නම කියන්නෑ)
-------------------------------------------------------------------------------------------------------------


මේ දවස්වල පොල් ගණන් සාපේක්ෂව බැහැලා නිසා පොල් ලෙලි ගහන අයට ආයෝජනය කරන්න පුළුවන් ගැජට් එකකුත් දැක්කා. මේකෙන් පොල් ගෙඩි දවසට 2500-3000ක් දක්වා ලෙලි ගසාගන්න පුළුවන් කියලා දැනගන්න ලැබුනා.
-------------------------------------------------------------------------------------------------------------


මේ තියෙන්නෙ කොළඹ වරායෙ ජැටිය (හෝව්... පොඩි මොඩල් එකක්)
වරාය අධිකාරියෙ ප්‍රදර්ශන කුටියෙ තමයි මම මේක දැක්කෙ. මේ දවස්වල සිදුවෙන අළුත් වරාය ව්‍යාපෘති දෙකේම ආකෘති තිබුනා.

උඩ තියන පින්තූරේ අළුතින් ඉදිවන හම්බන්තොට වරායේ ආකෘතිය.පහල එක කොළඹ වරාය විශාල කිරීමේ ව්‍යාපෘතිය.
-----------------------------------------------------------------------------------------------------------


ගෙදර තියන ලයිට් සෙට් එක ඒ වෙලාවෙ තියන මූඩ් එක එක්ක ආලෝක ප්‍රමාණය (intensity)  වෙනස් කරන්න පුළුවන් විදිහෙ ප්‍රෝග්‍රෑම් එකක් මේ ගැජට් එකේ තියනවා. දැනටත් මේකෙ පාටි මූඩ් එකටයි, රොමැන්ටික් මූඩ් එකටයි ප්‍රෝග්‍රෑම් සෙට් කරලා පොඩි simulaition  පාරක් දාලා තිබුනෙ.




(මමත් කල්පනා කලා ඒ අයිඩියා එක හොරකම් කරලා අපි දෙන්නා රණ්ඩුවෙන වෙලාවට ගෙදර බල්බ්ටික නිවි නිවී පත්තුවෙන්න ක්‍රමයක් හදන්න. ඒත් තාම රූ මහත්තයා යෝජනාව අනුමත කලේ නෑ.)
--------------------------------------------------------------------------------------------------
අන්තිමට මේ පින්තූරෙත් බලන්නකො.
මේකත් ගත්තෙ ප්‍රදර්ශනය වෙලාවෙම තමා.






ප/ලි
මාධවත් Techno ගැන ලිපියක් දාලා තියනවා දැක්කා.

Monday, October 10, 2011

දියකිඳුරියක් ද? තල්මසෙක් ද?

ඔබේ තේරීම: දියකිඳුරියක් ද? තල්මසෙක් ද?




මේ ව්‍යායාම් මධ්‍යස්ථානයක දැන්වීම් පුවරුවේ මේ පණිවිඩය දිස්වූයේ රූමත් සිහින් සිරුරැති තරුණියක්ගේ පින්තූරයක්ද සමගින්.
සාමාන්‍ය පෙනුමැති පින්තූරයෙ පෙනුමට ළඟාවිය නොහැකි මැදිවියේ කාන්තාවක් මෙය දුටු විගස එයට පිළිතුරක් මෙසේ ලියා යැව්වා.

මෙම දැන්වීම පිළිබඳ කැමැත්තක් දක්වන්නෝ සඳහා!


තල්මසුන් නිතරම ඩොල්පින් මුහුදු සිංහයන් සහ විමර්ශනශීලී  මිනිසුන් විසින් වට කරගනු ලැබ සතුටින් දිවිගෙවති. ඔවුනට ක්‍රියාකාරී ලිංගික ජීවිතයක් ඇත.ගැබ්බර වන ඔවුන් සුරතල් පැටවුන් බිහිකරති. ඩොල්පින්ලා සමඟ නිදහසේ සෙල්ලම් කරති. ඉස්සන්ගෙන් කුස පුරවා ගන්නා ඔවුහු සෙල්ලම් කරති. පොලිසීනියානු කොරල්පර, පැටගොනියාව, බ‘රින් මුහුද දකිමින් සයුර සිසාරා පිහිනා යති.
තල්මසුන් (Whales) කෙතරම් දක්ෂ ගායකයින්දැයි කියනවානම් ඔවුන්ගේ ගීත පවා පටිගත කර ඇත. මිනිසුන් හැර ඔවුන්ට මුහුණදිය හැකි වෙනත් සතුරෙක් නැත.
ලෝකයේ සෑමදෙනාම පාහේ ඔවුන්ට ආදරය කරති; වර්ණනා කරති;ආරක්ෂා කරති.


අනෙක් අතට දියකිඳුරියන් මනඃකල්පිතය. නොපවතියි.
පැවතුනද මාළුවකුද මානවයකුද යන්න දැනගැනීම සඳහා විශ්ලේෂකයන්ගේ විද්‍යාගාර අසල පෝලිම් ගැසී සිටියි.තමන් ලඟට එන මානවයන්/තරුණයන් අල්ලා මුහුද යටට ගෙන ගොස් මරා දමන බැවින් ක්‍රියාකාරී තබා මොනයම් ලිංගික ජීවිතයක්වත් තිබේද?
දියකිඳුරියකගේ පින්තූරයක් දකින ඕනෑම අයෙකුට එය වැටහෙනු ඇත!
එනිසා ඔවුන්ට දරු සුරතල්ද නැත. 
ඇරත් මාළු මාකට් එකක සුවඳින් යුතු තරුණියක් අසලට යෑමට කැමති තරුණයෙක් ඇතැයි සිතීම විහිළුවකි. 


එනිසා මගේ තේරීම පැහැදිලිය.
මගේ තේරීම තල්මසෙකි. 


පසු සටහන:
සිහින් සිරුර ලස්සනයැයි මාධ්‍ය මගින් අප ඔළුවලට කාවාද්දා ඇති යුගයක අපි ජීවත් වෙමු. නමුත් මම මගේ දරුවන් සමඟ අයිස් ක්‍රීම් රසවිදීමට කැමැත්තෙමි. මා ආදරය කරන මිනිසා සමඟ රෑ කෑමකට යෑමට කැමැත්තෙමි. මගේ යහළු යෙහෙළියන් සමඟ චොකලට් පෙත්තක රස බැලීමට කැමැත්තෙමි. එවිට කාලය සමඟ වයසත් සමඟ සිරුරේ බර වැඩිවනු ඇත. 
එසේ වන්නේ අපේ අත්දැකීම් දැනුම අපි මොළයේ තැන්පත් වන බැවිනි. 
මොළයේ ඉඩ නැති වන විට ඒවා සිරුරේ අනෙක් කොටස්වල තැන්පත් වේ. 
එනිසා අප මහත නැත; අප ප්‍රඥාවන්තය; උගත්ය; කුල්මත්ය.
අද දින සිට සෑම උදයකම කණ්නාඩියෙන් බලන විට මා හට මෙසේ සිතෙනු ඇත.
“ ෂා....මම කෙතරම් දැකුම්කලුද?“


බ්ලොග් සටහන:
පින්තූර සහ කථා අනුග්‍රහය : http://www.feministlawprofessors.com/2009/09/mermaid-or-whale/
මේ කථාව මට ලැබුනේ මිතුරියකගේ ඊයකින්. ලොකු කථාවක් සරලව කියා තියන නිසා මගේ ටීකා අවශ්‍ය නැතැයි සිතමි. මින් පසු “ඔයා මහත්වෙලා“ යැයි අසන ප්‍රශන්යට දීමට ඇති සාර්ථක පිළිතුරක් මට දැන් ඇත.!

Wednesday, October 5, 2011

නංගි බැහැගන්නවද?

මේ පළවෙනිදා ඉදලා සීට් බෙල්ට් අනිවාර්යයි කියලා නීතිය ආපු එක ගැන තිබුන පෝස්ටුවක තිබුනා මහජනතාවගේ ආරක්ශාව ගැන ඔච්චරටම වද වෙනවනම් බස්වල ෆුට් බෝඩ් එල්ලිලා යන මිනිස්සුන්ටත් මොනවා හරි පිළියමක් යොදන්න කියලා. ඒ එක්කම කියවුනු තවත් අදහසක් තමයි මේ නීතිය ගොඩක් රටවල්වල ක්‍රියාත්මක වෙනවා කියන එක.
ඒත් ඉතින් ඔය සීට් බෙල්ට් අනිවාර්ය ගොඩක් රටවල්වල බස්වල යන මිනිස්සු ෆුට්බෝඩ්වල යන්නෙත් නෑනෙ කියලා මට මතක් වුනේ තවත් පෝස්ටුවක් ලියන්න පරණ මතක අවුස්සද්දි.
ලංකාවෙ බස්වල ගමන් කරන ජනයා වෙනම උප සංස්කෘතියකට අයිති වෙනවා. ඉතින් මේ බස්වල සිද්ධවෙන දේවල් ගොඩක් රසවත් වෙන්නෙත් (තිත්ත වෙන්නෙත්) ඔය සාංස්කෘතික ලක්ෂන නිසා කියලයි රූට නම් හිතෙන්නෙ. (මේ දවස්වල රූ මහත්තයා යන CTB බස් එකේ සීට් වලට අයිති කාරයෝ ඉන්නවලු. ඒක නිසා අළුත් කෙනෙක් ඇවිත් වෙන් කරපු ආසනේක වාඩිවුනොත් සොරිලු.මේ වගේ බස්වල යන නිසාම උරුම කරුම වෙන ලක්ෂන ගොඩයි.)


ඉතින් මේ ලෑස්තිවෙන්නෙ ශ්‍රී ලාංකික අපටම ආවේණික වෙච්ච බස් උප-සංස්කෘතියේ ලස්සන දේවල් ටිකක් බෙදා ගන්න.



කතා අංක 1:
ඔන්න දවසක් මම යාළුවෙකුගෙ ගෙදර යන්න බස් එකක් එනකම් බලාන ඉන්නවා. කොළඹ අවට වුනත් ඒ පැත්තට යන්න ගොඩක් බස් නෑ. ඉතින් මේ වගේ බස්වලට නගින ගොඩක් අය ගමනාන්තයට ළංවෙලා බහින අය. මම නගිද්දි බස් එක කොටුවෙන් අද්දලා ටික දුරක් ඇවිල්ලා තිබුනු නිසා ඇඟිල්ලක් ගහන්නවත් ඉඩ තිබුනෙ නෑ. ඒත් ඒ පැත්තට යන බස් වලම වැඩ කරලා කොන්දොස්තර අයියට සාඩින් පැක් කිරිල්ල ගැන තිබුනු මනා පළපුරුද්දක් පාවිච්චි කරලා මාවත් බස් එකට නංග ගත්තා .(ඔබා ගත්තා කිවුවොත් හරි)
යාළුවගේ ගෙදර ඊට කලින් ගිහිල්ලා තිබුනත් මට බහින තැන එච්චර ශුවර් නෑ. ගොඩක් හවස් වෙලා තිබුන නිසා මට සෑහෙන්න විශ්වාසයි මම බෙල් කරලා බැස්සොත් කිලෝමීටර් ගානක් පයින් එන්න වෙනවා කියලා. මේ ඔක්කොම කල්පනා කරගෙන එනකොට බස්එකේ සෙනඟ සෑහෙන්න අඩුවෙලා මටත් වාඩිවෙන්න ලැබිලයි තිබුනෙ. කොන්දොස්තරත් හැමදාම එන අයත් එක්ක හොඳ කාථාවකට සෙට් වෙලා හිටියෙ.
කථාවට මැදින් පනින්න ගිහින් බැනුම් අහන්න වෙයිද කියලා දන්නෙ නැතිව මමත් නැගිටලා ගිහිල්ලා හෙමින් සැරේ ඇහුවා.
“අයියෙ, මාව එකේ කණුව ගාවින් බස්සනවද කියලා?“
කොන්දොස්තර කරකර හිටිය කථාව නවත්තලා මං දිහා නෝන්ඩියට බලලා මුළු බස් එකටම ඇහෙන්න කියපි
“අනේ නංගි, තරහා වෙන්න නම් එපා. මම ඩ්රයිවර්ට කියලා බස් එක නතර කරලා දෙන්නම්. ඔයා තනියම බැහැගන්නවද?“


(හොඳ වෙලාවට එකේ කණුව තිබුනෙ ඊළඟ හෝල්ට් එකේ. අහපු මෝඩකම කියලා මම තනියම බැහැගත්තා).


කථා අංක 2

බස් වල නිදාගන්න පුරුද්ද අපි ගොඩක් අයට තියනවා. අපේ මල්ලි නම් කියන්නෙ එයාට බස් එකක් හෝල්ට් එකේ නවත්තලා තියනවා දැක්කත් නිදිමත එනවා කියලා.මේ සිද්දිය වුනේ අපි කස්ටිය කන්ද පාමුල සරසවියෙ ඉගෙන ගන්න කාලෙදි.
අපි final year project එක කරන කාලෙ අපේ යාළුවෙක්  එයාගෙ project එක supervisor කරන මැඩම් එක්ක  උදේම නුවර ටවුන් එකට ගියා විස්තර වගයක් එකතු කරගෙන එන්න. කොහොම හරි අපිත් යාළුවොත් එක්ක ලැබ් එකේ වැඩ කරකර ඉද්දි හවස් වෙලා මැඩම් එනවා ටිකක් කලබල වෙලා. අපි මොකද කියලා ඇහුවම මැඩම් කියනවා.
“මාර වැඩේ රූ, මම ඔයාලගේ යාළුවත් එක්ක ගම්පල බස් එකට නැංගා. සෙනඟ ගොඩක් නිසා මට එයාව මඟ ඇරුනා. කමක් නෑ හොල්ට් එකෙන් බහියිනෙ හිතලා මමත් එයාව බලන්නෙ නැතිව ඉක්මනට හෝල්ට් එකෙන් බැස්සා. ඒත් මනුස්සයා බැස්සෙ නෑනෙ. කලින් බහින කථාවක් කිවුවෙත් නෑ.,“


“අපි කෝල් කරලා බලමු මැඩම්“ කියලා අපි හෑන්ඩ් ෆෝන් එකට ට්‍රයි කරනවා.


ප්‍රතිචාරයක්වත් චාරයක්වත් නෑ. පැය බාගයක් විතර ගියා ඒත් මනුස්සයා නෑ. අපි ඉතින් හොස්ටල් එකෙයි කැන්ටින් වලයි හොයනවා ඒත් නෑ. මැඩමුත් බයවෙලා මොකද ගෑනු ළමයෙක්නේ කරදරයක්ද දන්නෑ කියලා.
මෙන්න පැය එකහමාරකට විතර පස්සෙ මනුස්සයා වැනිවැනි ඇවිත් අපිට කියනවා.
“මාර වැඩේ, මට හොඳටම නින්ද ගියානෙ. ගම්පලදි තමා කොන්දොස්තර කථා කරලා ඇහැරුවේ කියලා.“
මේ වගේ නින්ද යෑමේ පුරුද්ද නිසා ගමනාන්ත දෙක අතර කිහිප වාරයක් දෝලනය වුනු යාළුවො කීපදෙනෙක් මට ඉන්නවා.


කථා අංක 3
ගිය සතියෙ දවසක ටිකක් දුර පළාතක සයිට් එකකට යන්න වුනා. සයිට් එකේ වැඩ තාම ඉවර නැති නිසා මාත් එක්ක ගියපු අය නැවතුනා. හැමෝම එකට සබන් නැතිව නාගන්න ඕනි නැති නිසා එයාලට නාගන්න කියලා මම හවස් වෙලා කොළඹ එන්න බස් එකක නැංගා. වාඩිවෙන්න ඉඩ තිබුනු නැති නිසා මම හිටියෙ රියදුරුගෙ පැත්තට වෙන්න හිට ගෙන. ටික වෙලාවක් යද්දි මෙන්න එහාපැත්තෙ වාහන යන මංතීරුව පේන්නැතිව ගියා. 
බස් එක කොළඹට එනකම්ම වම් පැත්තෙන් ආවෙ අනිත් පැත්තෙන් වාහනයක් ආවාමම විතරයි. මට තේරුන විදිහට මේ CTB රියදුරු මහත්තයා දකුණු පැත්තෙන් වාහන එලවන රටක වැඩකරපු කෙනෙක් වගේ. කොහොම හරි මහත්තයෙක් ඉදිරිපත් වෙලා මට සීට් එකක් දුන්න නිසා මමත් හොඳටම නිදා ගත්තා (නැත්නම් පැය 4-5ක් රියදුරු දෑතට දෙවි පිහිටයි කියලා මතුර මතුර ඉන්නයි වෙන්නෙ)
“දඩා..ස්“ කියලා සද්දෙකුත් එක්ක සැර බ්‍රේක් පාරක් වැදුන නිසා මම ඔළුව ඉස්සුවෙ මොන පොලිසිය ගාවටද යන්න ඕනි කියලා බලන්න. 
දෙවියන්ගේ පිහිටෙන් accident එකක් වෙලා නෑ. බස් එක ඇතුලේ ගෑනු මනුස්සයෙක් වැටිලා. එයාගෙ ඇඟ උඩ එයාගෙ පුතා. ලොරියක් ඉස්සර කරන්න ගිහිල්ලා වැරදුනු පාරට රියදුරු මහත්තයා බ්‍රේක් කරලා. පිටිපස්ස සීට් එකේ හිටපු අය අඩි ගානක් බස් එකේ ඉස්සරහට ලිස්සලා ඇවිත්.
කොහොම හරි බස්එකේ කට්ටිය එකතුවෙලා වැටුනු අයට උදව් කලා.
මේක දැක්ක මට හොඳ නැති වුනත් හිනා ගියෙ මගේ යාළුවෙක් කියපු කථාවක් මතක් වෙලා.


“මම දවසක් TATA  දිග බස් එකේ පිටිපස්සෙ සීට් එකේ වාඩි වෙන්න හම්බවුනා.  බස් එකේ හිටගෙන කවුරුත් හිටියෙ නෑ. එකපාරටම වැදුන හොඳ බ්‍රේක් පාරට මම වීසි වෙලා ගිහිල්ලා නැවතුනේ ඩ්ර්යිවර්ගේ සීට් එක ගාව. නිකම් ගියපු එකේ නිකම් එන්න හොඳ නැති නිසා ඩ්ර්යිවර්ට හොඳ දෙකක් කථා කරලා හොඳ කුණුහරපයක් කියලත් ආවෙ.“