Tuesday, September 13, 2011

පළවෙනි පෝස්ටුව/ දිගහැරුම


                    මොනවා හරි අලුතෙන්ම පටන් ගන්න කොට ඒක හිතට වදින්න ලියන්න ඕනි. එහෙම තමා පොතේ තියෙන්නේ. කාලෙට ඉස්සෙල්ල toast masters speech craft course ඒක කරපු වෙලාවෙදිත්  උගන්නපු කට්ටිය කිව්වේ එහෙම තමා. ඒත් ගොඩක් බ්ලොග් කියවල ලබපු අත්දැකීම් වලින් කියන්න පුළුවන් පළවෙනි පෝස්ටුව ලියන ඒක එච්චර ලේසි නෑ  කියලා. මොකද පළවෙනි පෝස්ටුව ලස්සන එකක් වුනාම ඉතුරු පෝස්ටුත් ඒ වගේම ලියන්න තවත් අමාරුයි. හරියටම කියනවනම් පළවෙනි පොස්ටුව ටිකක් විතර අඩි කෝදුවක් වගෙයි. :) 
මොනවාද  ලියන්නේ කියලා කල්පනා කරලා බලනකොට මතක් වුන පොඩිම පොඩි කතාවක්. 
            මේක උනේ අපි කැම්පස් එකෙන් අයින් වුනු අළුත. අපේ සෙට් එකේ හිටිය අතිජාත මිතුරියක් කසාද බඳිනවා කියලා වෙඩිමට එන්න පිට ආරාධනා ලැබුනා ( අපිට කියන්නේ නැතුව උඋට මගුල කන්න බැරි බව ඌ කොහොමත් දැනගෙන හිටියා. 
ඔන්න මමයි මගේ අතිජාත යාළුවෝ සෙට් එකයි කතා වෙලා ටිකක් දුර පළාතක තියන මේ වෙඩිමකට යන්න පිටත් වුනා. හරියටම කියනවනම් මේ කුරුණෑගල ඉදන් කිලෝමීටර් 30 ක් විතර දුර. අපි කොළඹ ඉඳලා පිටත් වුනේ උදේ පාන්දරම. මොකද අතිජාත මිතුරිය අඩුම ගන්නේ පෝරුවෙන් බහිනවවත් දැක බලා ගන්න ඕනි නිසා. ( නැත්නම් මනුස්සයා කියයි උඹලා වෙඩිමට ආවේ කල යන්න විතරයි කියලා. ඒක එහෙම උනත් එහෙම අහගන්න ඒක හරි නැනේ.) දැන් ඉතින් ලාහට ගෙම්බෝ එකතු කරන්නා වගේ කස්ටිය එකතු කරගෙන (මහා ගොඩක් නෙවෙයි මගේ car එකට පටවන්න පුළුවන් තරම් පස් දෙනෙක් ) අපි යනවා. දවල්ට කන්න වෙඩිමක් තිබ්බට උදේට කන්න දෙන්න කවුරුත් නැනේ. ඉතින් අපි උදේ 9 ට විතර උදේට කාල යන්න පුළුවන් කඩයක් හොයනවා. 
කිලෝමීටර් ගානක් ඇවිල්ලත් අපිට කන්න නතර කරන්නා සුදුසු තරම් කඩයක් හම්බ වුනේ නෑ.  ගියපු අය  දන්නවා ඇති කොළඹ ඉඳලා මිනුවන්ගොඩ පාරේ කුරුණෑගලට යනකොට කඩයක් හොයාගන්න කොච්චර අමාරුද කියලා. මීට කලින් ඒ පැත්තේ ගිහිල්ල තිබුනේ නැති නිසා අපි කවුරුත් අඩුම ගානේ ටවුමක් තියන තැනක්වත් දැනගෙන හිටියේ නෑ. උදේට කන්න කෙසේ වෙතත් සීනි බනිස් කඩයක් වත් හම්බ වෙයිද කියලා ඒ යන විදියට අපිට ෂුවර් නෑ. මෙහෙම බලාගෙන ගිහිල්ල බැරිම තැන කාර් එක පිටිපස්සේ හිටිය එකෙක් මම driver ට   කියපි 

 " මේ හරියේ තියන පෙරේරා ඇන්ඩ් සන්ස් එකක් ගාවවත් නතර කරනවලකෝ" කියලා

6 comments:

  1. ඔය හරියේ තියෙන්නේ "බණ්ඩාර ඇන්ඩ් සන්ස්" නේ!

    ReplyDelete
  2. @කතන්දර,
    එදා නම් බණ්ඩාරගෙ තියා එයාගෙ පුතාගෙ කඩයක්වත් තිබුනෙ නෑ අයියෝ...
    ඒක නිසා වෙඩිමට ගියෙ හාමත් වෙලා.

    ReplyDelete
  3. මේකත් එක්කම මම් රූ මහත්තයාගේ පෝස්ට් ඔක්කොම කියවලා තියෙනවා. එහෙනම් ඉදිරියට ලියන්න. අනිවා කියවන්න එනවා. :)

    ReplyDelete
  4. @මධුරංග,
    තැන්කූ වේවා මේ පැත්තෙ ආවාට

    ReplyDelete
  5. ලියමු ලියමු එහෙම නම් :))

    කාලෝ අයං තේ

    ReplyDelete
  6. ඔන්න එහෙනම් මමත් ආවා..

    ReplyDelete